
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙබුවන පිච්චර් පැලස් වත්ත ප්‍රදේශයේ ගල්තලාවක් තුළ තැන්පත් කර ඇතැයි කියන රනින් නිමවන ලද කෙන්ඩියක් ලබා ගැනීම සඳහා කැනීම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (6) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට පත් වූවන් අතර ප්‍රධාන සැකකරු ද සිටින බවත් ඔහු වාහන තත්ව පාලක වරයෙක් බවත් අනෙක් සැකකරු පෑස්සුම් කරුවකු බවත් පොලිසිය කියයි
ඉංගිරිය සහ හොරණ පොලිසියේ ඒකාබද්ධව සිදුකළ වැටලීමේදී එම ස්ථානයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි තවත් කීපදෙනකු පලාගිය බව පොලිසිය කියයි
එම සැකකරුවන් සමග කැණීම් උපකරණ පූජා භාණ්ඩ ,ජංගම දුරකථන තුනක් සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිසිය භාරයට ගෙන ඇත
කිහිප දෙනකු එක්ව පික්චර් පැලස් වත්ත ප්‍රදේශයේ තිබෙන ගල් තලාවක් ගල්බෝර දමමින් පුපුරවන බවට ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි
සැකකරුවන් එම ගල්තලාව පිපිරීමට පෙර ස්කෑනර් යන්ත්‍ර උපයෝගී කරගනිමින් එහි භූගත වස්තු පිළිබඳ නිරීක්ෂණය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි
පොලිසිය එම ස්ථානය වටලන විටත් සැකකරුවන් මීටර් නවයක් පමණ යටට ගල් ගල්තලා පුපුරවා තිබූ බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙක් පැවසීය මාසයක පමණ කාලයක සිට සැකකරුවන් පිරිස මෙම ස්ථානයේ රැඳී සිටිමින් ගල්තලාව පුපුරවා ඇතැයි අවට නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලි වන බව පොලිසිය කියයි
පලා ගිය පිරිස තෙබුවන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇතැයි ද ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු පනස් දෙකක් වන හෝමාගම සහ කිරිවත්තුඩුව පදිංචිකරුවන් ය සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත බාරදීමට නියමිතය
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුරා වස්තු සොයා කැනීම් කළ 2 ක් අත්අඩංගුවට