(කේ. බුද්ධික කුමාරසිරි )
හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය ආසන්නයේ දී පාර හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් මිය ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.
ඊයේ (15) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ එම තැනැත්තා කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මිය ගිය පුද්ගලයා 58 හැවිරිදි විමල් කාරියවසම් නමැති මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචිකරුවකි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර මාරුවෙමින් සිටි අයෙක් රිය අනතුරකින් මරුට