(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලකට රහසිගතව ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා දඹුල්ල පොලිසියට බාරදී තිබේ.
පෙර පාසල් ගොඩනැගිල්ලට රහසිගතව පුද්ගලයෙකු ඇතුළු වූ බව දුටු කාන්තාවක ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් පෙර පාසල වටලා එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජලාල්ඩින් හිල්ෆාන් සහ ෆාරුක් මොහොමඩ් නව්ෆර් නැමති තරුණයන් දෙදෙනෙකි.
මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ කුඩා දරුවන් මුදල් එකතු කරන කැට සොරකම් කිරීම සඳහා පැමිණි බවය.
පෙර පාසලේ ඇතුළත තිබූ අල්මාරියක් මෙම සැකකරුවන් විසින් විවෘත කර තිබූ බවද පොලිසිය කියයි.
පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ පහර කෑම හේතුවෙන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව දඹුල්ල පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා අද(04) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙර පාසල් ගොඩනැගිල්ලකට අනවසරෙන් ඇතුළු වූ දෙදෙනෙක් අල්ලයි
rammaya Saturday, 04 May 2019 06:35 AM
සියලුම අන්‍ය ආගම් කාරයෝ මුස්ලින් කිසිවෙකුට බුරුලක් නොදෙන්න, මොකටද ඒ අය ළදරු පසෙලට අනවසරයෙන් ගියේ? එම පාසෙලේ විස්තර ලබා ගන්නට ඇවිත් තියෙන්නේ, සොරකමට නෙවෙයි, විශ්වාස නොකරන්න