(ක.ග කරුණාරත්න)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල අවසරයක් ලබා නොගෙන ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රාශියක් පිහිටා තිබෙන බිමෙක ඒ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක මෙහෙයවීම මත අනවසර ඉදිකිරීමක් සඳහා සිදුකළ කැණීමක් අද (17) තහනමට ලක් කළ බව පොලොන්නරුව පොලිසිය කියයි.
හෝටලය පිහිටා තිබෙන පරිශ්‍රයට ආසන්නයේ විදුලි ජනක යන්ත්‍රයක් තැන්පත් කර තැබීමට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මේ කැණීම සිදු කර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලීසිය ඒ ස්ථානයට ගොස් විමර්ශන සිදු කළ අවස්ථාවේ ඒ සඳහා නීත්‍යනුකූල අවසරයක් හෝ පුරාවිද්‍යා නිලධාරියෙකුගේ අධීක්ෂණයක් සිදු නොවීම නිසා එය තහනමට ලක්කළ බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතාගෙන් අප මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට දැනගන්නට ලැබී තිබෙන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා අවසරයක් ලබාදී තිබෙන නමුත් මෙය ඉදිකිරීමට සූදානම්ව එහි මූලික කටයුතු කරන අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව ප්‍රදේශය බාර සහකාර අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය සිදු නොවීම නිසා විමර්ශන කටයුතු සිදුකළ පොලිසිය එය තහනමට ලක්කර තිබෙන බවයි.
ඒ සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකරන බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.


2025 දෙසැම්බර් මස 18
236
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරාවිද්‍යා භූමියක කළ අනවසර ඉදිකිරීමක් තහනම් කෙරේ