(ක.ග.කරුණාරත්න)
බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප‍්‍රදේශයේදී තම පියාට පොරොවකින් පහරදී ඝාතනය කර පොලිසිය මඟහැර සැඟවී සිටි මරණකරුගේ පුතෙකු වන 22 හැවිරිදි තරුණයෙකු එම ප‍්‍රදේශයේ හේනකදී අද (31) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.
ඝාතනයට යොදා ගත් බව කියන පොරොවද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අතරගල්ලෑව,පෙතංආර පදිංචි 52 හැවිරිදි සය දරු පියෙකු වන ඩබ්ලිව්.ජී.විජේසිංහ යන අය ඔහුගේ පුතා සමඟ ඇතිකර ගත් ආරවුලකින් පසුව මෙසේ ඝාතනයට ලක්වී ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබුණි.
සැකකරු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී මේ ඝාතනය තමන් විසින් සිදුකළ බව පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.
තම පියා දිනපතාම බීමත්ව නිවෙසට පැමිණ සිය මවටත් තමන් ඇතුලූ පවුලේ සහෝදර සහෝදරියන්ටත් හිරිහැර කරන බවද පවසා ඇත.
මේ සිද්ධිය වන අවස්ථාවේ සැකකරුද බිමත්ව සිට ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී ඇතැයි පොලිස් නිලධාරීහු පැවැසූහ.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොරොවකින් පියාට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට