(උපාලි ආනන්ද)
භික්ෂූන් වහන්සේ නමකට සහ පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහි නඩුව දෙසැම්බර් 18 දා කැදවීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු ඉන්දික සුමේධ සුරවීර මහතා අද (22) නියෝග කළේය.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් පුද්ගලයින් පිරිසක් සමඟ ගිනි අවි අතැතිව ගොස් අරලගංවිල පිහිටි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක කාර්යාලයට පහරදී අලාභ හානි කර පුද්ගලයකුට වෙඩි තැබූ බවටත් තවත් කිහිප දෙනෙකුට පොලුවලින් පහර දුන් බවටත් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
මෙම නඩුව අද (22) පොළොන්නරුව මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දී විත්තිකාර රෝෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා විවෘත අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා සදහන් කළේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා අධිකරණයේ අවසරය මත විදේශ ගතව සිටින නිසා ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.
මීළඟ නඩු දිනයේ දී විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටින බවද නීතිඥ හබක්කල මහතා කීවේය.
එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද රෝෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා ඇතුළු විත්තිකරුවන්ට තවදුරටත් නියෝග කෙරිණි. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටිනුයේ පොළොන්නරුව දිස්ත‍්‍රිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි රොෂාන් රණසිංහ, ජයන්ත මාරසිංහ, ධම්මික නිශාන්ත කුමාර, ආනන්ද විජේරාජා,සුසන්ත අනුරාධ කුමාර රත්නායක, ජගත් සමරවික‍්‍රම සහ පැලෑටියාගේ දේවමිත්තාලංකාර හිමි ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට - භික්ෂූවකට ඇතුළු 7 ගේ නඩුව දෙසැ.18 කැඳවයි