IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිරිමි දරුවෙකු අපයෝජනය කළ යුද හමුදා සෙබළෙක් වසර 7 ක් හිරේට

 (දිලීප් ජයසේකර)
 
සුරියවැව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකුට රෝහලේ වැසිකිළිය තුළදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ යුධ හමුදා සෙබළෙකුට රුපියල් 5000ක දඩයක් හා වසර 07ක බරපතළ වැඩ සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (15) නියම කළේය.
 
මෙලෙස සිර දඩුවම් නියම වුයේ ශ්‍රි,බක්මීගම,මැදවච්චිය පදිංචි 44 හැවිරිදි තිදෙරු පියෙකුටය.
 
2012-02-21 වන දින සැකකාර යුධ හමුදා සෙබලා සුරියවැව  රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තවත් යුධ හමුදා සෙබලෙකුගේ සාත්තුවට වාට්ටුව තුළ නැවති සිට ඇති අතර එහිදී අගතියට පත් වයස අවුරුදු 10ක් වු පිරිමි දරුවාද රෝගි තත්වයකට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිට තිබේ.
එහිදී මෙම සිදුවීම වී ඇති අතර වාට්ටුබාර හෙද නිලධාරීනිය සිදුවීම සම්බන්ධයෙන්  රෝහල් අධිකාරීවරයාට දැනුම්දී  සුරිය වැව පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
 
අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරණු ලැබිණි.ඊට අදාල නඩු විභාගය අවසන් කරමින් හම්බන්තෙට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.
දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළ අතර   අගතියට පත් ව දරුවාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියෝග කෙරුණි.
 
එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසර තුනක ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රංගිකා රා
ජපක්ෂ මහත්මිය පෙනිසිටියාය.



අදහස් (0)

පිරිමි දරුවෙකු අපයෝජනය කළ යුද හමුදා සෙබළෙක් වසර 7 ක් හිරේට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site