(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සිට අරුවක්කාලු කසල අංගනයට කසල බැහැර කිරීමට කසල රැගෙන යාමේදී නියමිත ප්‍රමිතීන්ට අනුකූලව කසල ප්‍රවාහන කරන්නැයි පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අදාල සමාගම් වලට අද (17) නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ අරුවක්කාලු කසල අංගනය අවට ජනතාව පුත්තලම පොලිසියට කරන ලද පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදීය.
මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දිම සිදුකළේ මේ වන විට කොළඹ මහ නගර සභාව මගින් බැහැර කරනු ලබන කසල අරුවක්කාලු කසල අංගනයට ප්‍රවාහනය කරනු ලබන යු.පී.ජේ.එස්. ප්‍රනාන්දු සහ සමාගම නැමති කසල ප්‍රවාහන කොන්ත්‍රාත්තුව භාරව කටයුතු කරන සමාගමටය.
මෙම සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ එහි නියෝජිතයකු පෙනී සිටි අතර කොළඹ මහ නගර සභාව වෙනුවෙන් කසල අංගන ඉංජිනේරු යසස් රූපානන්ද මහතා පෙනි සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අදාල පැමිණිල්ල සිදුකළ ප්‍රදේශවාසීහු පිරිසක් පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී.එන්.කුලතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයේ පෙනි සිටියහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ප්‍රමිතීන්ට අනුව අරුවක්කාලුවය කසල ප්‍රවාහන කරන්නැයි නියෝගයක්