IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් ගබඩාවකට සීල්

(තිලකරත්න දිසානායක)

පරිභෝජනයට නුසුදුසු, එක්කෝටි හැත්තෑ ලක්ෂක් පමණ වටිනා හාල්මැස්සන් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද(17)අත්අඩංගුවට ගෙන ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

මෙහිදී හාල්මැස්සන් තොගය ගෙන්වා  ඇති පුද්ගලයා O අත්අඩංගුවට ගෙන ඇත'

එම ඒකකයට ලැබූණු  තොරතුරක් මත එහි ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුළු නිලධාරීහු අද (17) සවස මෙම වැටලීම කළහ.

හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 21,400 ක තොගයක් මෙහිදී සොයාගෙන තිබිණි.

ඩුබායි සිට වැලි සහිතව ආනයනය කර ඇති මෙම හාල්මැස්සන් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙසින් පවතින බැවින් ඒවා තෝරා වෙළෙඳපොළට යැවීම පිණිස මෙම ගබඩාවෙහි සකස් කරමින් තිබූ බව ප්‍රදීප් කළුතරආරච්චි මහතා  පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ලලිත් සෙනෙවීර සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත සිදු කළ මෙම වැටලීම සඳහා එම අධිකාරියේ  ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන වයි.එම්.එස්. යාපාරත්න, ඉෂාර කළුබෝවිල, දිලීප කරුණාරත්න, එච්.කේ. රවිඳු සහ ඉෂාර හෝමපොළ යන මහත්වරුන් කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම පිණිස බැඳුම්කර ඇප මත මුදා හැර ඇත.



අදහස් (1)

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් ගබඩාවකට සීල්

Prabha Thursday, 17 October 2019 12:28 PM

රේගුවට මේවා අහුවෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site