IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් - කඩල තොගයක් සොයාගනී

(මනෝජ් හර්ෂික)

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් සහ කඩල තොගයක් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ප්‍රදේශයේ නිවසක ගබඩාකර තිබියදී අද (17) අත්අඩංගුවට ගත්බව ගල්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

ඉදි කරමින් පවතින නිවසක ඉතා අපරීක්‍ෂාකාරී ලෙස ගබඩා කර තිබියදී මනුශ්‍ය පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 1100 ක් සහ ගුල්ලන් විසින් හානිකරන ලද කඩල කිලෝග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සොයා ගත් බව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.

අත්අඩංගුවට ගත් හාල්මැස්සන් සහ කඩල තොගය නැවත පිරිසිදුකර වෙළඳපලට දැමීමට මෙසේ ගබඩාකර තබා තිබූ බවත්, මෙම ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට සිදුකරමින් පැවතියා යැයි සැකකරන බවත් එම නිලධාරිහු සඳහන් කරති.

නිර්ණාමිකව ලද තොරතුරකට අනුව ගල්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සහ ගල්ගමුව පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.

සිද්ධියට අදාල පුද්ගලයින් පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් අත්අඩංගුවට ගත් ආහාර තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම නිලධාරිහු සඳහන් කරති.

 



අදහස් (0)

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් - කඩල තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site