(හාලිඇල- විජේරත්න රත්නායක)
එළඹෙන නව වසර ඉලක්ක කරගෙන මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙන්ඳන් සොයා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (28) හාලිඇල නගරයේ හදිසි මෙහෙයුමක් සිදුකළහ.
මෙහිදී කල් ඉකුත් වූ ආහාර, මීයන් වැනි සතුන් විසින් හානිකරන ලද ආහාර ඇතුළු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම පිළිබඳවත් අදාළ තොරතුරු සඳහන් නොවූ ලේබල් සහිත ආහාර අලෙවිය හා මස් හා මාළු සමඟ අයිස්ක්‍රීම් වැනි ආහාර ශීතකරණ තුළ එකට ගබඩා කිරීම වැනි වැරදි පිළිබඳවත් පරීක්ෂා කෙරිණි.
හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ සහ හාලිඇල වැලිමඩ මාර්ගයේ පිහිටි වෙළඳසැල් 37 ක් පමණ මෙහිදී පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී වැරදි සම්බන්ධයෙන් වෙළෙන්ඳන් සිවු දෙනෙකුට එරෙහිව නඩු පැවරීමටත්, අත්අඩංගුවට ගනු ලැබූ පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් විනාශ කිරීමටත් කටයුතු කරනු ලැබීය.
තවත් වෙළෙන්ඳන් 09 දෙනෙකුට අදාළ වැරදි නිවැරදි කරගන්නා ලෙස අවවාද කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා හාලිඇල නගරයේ මෙහෙයුමක්