IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


පාරිභෝගික පනත උල්ලංඝනය කළ රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරිකයාට නඩු

 (විජේරත්න රත්නායක)
පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් ආනයනකරු හෝ මෙරට තුළ බෙදාහරින්නන් පිළිබඳව තොරතුරු සටහන් නොවූ ඇසුරුම් සහිත රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීම හා අලෙවිය පිණිස ප්‍රදර්ශනය කිරීම සිදුකළ බදුල්ල නගරයේ වෙළෙන්දෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පියවර ගෙන තිබේ.

බදුල්ල පහළ වීදියේ පිහිටි සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන වෙළෙඳසැළක හිමිකරු හට මෙසේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර එම වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනාකමකින් යුතු හා අදාළ වරදට යටත්වූ ක්‍රීම් වර්ග, ශරීර ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිපැයුම් තොගයක්ද අදාළ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.ජී.දයා සමරකෝන් මහතාගේ උපදෙස් මත එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීහු අදාළ වැටලීම සිදුකළහ.     
                 



අදහස් (0)

පාරිභෝගික පනත උල්ලංඝනය කළ රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරිකයාට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32473 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14979 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9920 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site