IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පාරිභෝගික කටයුතු අධිකාරිය ගම්පහ ග්‍රාමීය වෙළඳසැල් පරීක්ෂා කරයි

( තිලකරත්න දිසානායක.)

ඇදිරි නීතිය අඛණ්ඩව පවතින ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඇතැම් වෙළඳුන් අධික මිල ගණන් යටතේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි මත පාරිභෝගික කටයුතු අධිකාරිය ග්‍රාමීය වෙළඳසල්ද පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇත. 

මේ අනුව එම අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මගින් අද  සවස එළවළු සහ මාථ අලෙවි ජංගම වෙළඳ රථ සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි වෙළඳසල් පරීක්ෂාවට ලක් කළ අතර මිල ප්‍රදර්ශනය නොකිරීම සහ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් ද්‍රව්‍ය අලෙවි කිරීම මත වෙළඳුන් කිහිප දෙනෙකුට නීතිමය පියවර ගනු ලැබීය. 

ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල සහ එච්.කේ.රවිදු යන මහත්වරුන්  දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ කිහිපයක වෙළඳසල් පරීක්ෂාවට ලක් කළ අතර අත් අඩංගුවට පත් වෙළඳුන් අදාල අධිකරණ හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදා හැරීමට පියවර ගත්හ.



අදහස් (0)

පාරිභෝගික කටයුතු අධිකාරිය ගම්පහ ග්‍රාමීය වෙළඳසැල් පරීක්ෂා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site