චමිල් රූපසිංහ
පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයන්ට අනුකුලව විනාස කිරිම සඳහා අද (25) ආයතනයක් ඉදිරිපත් විය.
මෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට ඊයේ (24) වෙනත් ආයතනයක් ඉදිරිපත් වුවත් රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විරෝධතාවය හේතුවෙන් එය නවත්වන ලදි.
එම ආයතනය මගින් නිසි ක්‍රමවේදයක් අනුව සායනික අපද්‍රව්‍ය ඉවත් නොකරන බවත් පරිසරයට හානි වන අයුරින් ඉවත් කරන බැවින් තම අනුමැතිය දීමට නොහැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ. එනිසා එම ආයතනයේ ලොරි රථ වලට පටවා ගත් සායනික අපද්‍රව්‍ය නැවත එම ස්ථානයේම දමා ගොස් තිබිණි.
වසර කිහිපයක පටන්ම මෙම සායනික අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකට අනුව ඉවත් කරන ආයතනයක් අද ඉදිරිපත්වී පරිසරයට හානියක් නොවන අයුරින් කන්ටේනරයක් තුල රඳවා එය පිරුනු පසු ඉවත් කිරිමට අද කටයුතු ඇරැඹීය.
පසුගිය දිනවල පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය රෝහල් භුමියේ ගොඩගසා තිබිණි.




2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණියේ අපද්‍රව්‍ය ගැටලුව නිමාවෙයි