IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රථම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගම්මානයට වව්නියාවේදී මුල්ගල තබයි

වන්නි රොමේෂ් මධුෂංඛ

රජය විසින් ලබාදෙනු ලබන සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයෙ වව්නියාව දිස්ත්‍රීක්කයේදී අද (29) දින ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය.


වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉරට්ටපෙරයිකුලම් ප්‍රදේශයේදී සිංහල මාධ්‍ය වේදීන් 16 දෙනෙකුටත් වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඕමන්ත ප්‍රදේශයේදී දෙමළ හා මුස්ලිම් මාධ්‍ය වේදීන් 28 දෙනෙකුටත් ඉඩමක් හා නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදල් අධාරයක්ද ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකරිය මගින් පියවර ගෙන ඇත.


වව්නියාවේ ආදර්ශ මාධ්‍ය ගම්මානය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ.....


‘ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වෙනුවෙන් මේ වන විටත් වතමන් රජය විවිධ වූ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතරම පූර්ණ කාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙනම වැටුප් ක්‍රමයක් සඳහා සොයා බැලීම වෙනුවෙන් ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද කමිටුවේ වාර්ථාවද මේ වනවිට ජනාධිපතිතුමන් වෙතට ලබාදීමට පියවර ගෙන ඇති අතරම එහි අවසන් තීරණය ජනාධිපතිතුමන් විසින් ඉදිරියේදී දැනුවත් කිරීමට පියවර ගනියි.


ඊට අමතරට මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙනම ණය යෝජනා ක්‍රියාවලියක් මෙන්ම ආරක්ෂාවක් සඳහාද වත්මන් රජය විසින් පියවර ගෙන ඇත.මේ වව්නියාව දිස්ත්‍රීක්කය රටේ සංහිදියාව පෙන්නන තැනක් සංහිදියාව පෙන්නන දෙමළ වැසියන් ජීවත් වන ගම්මානයක් ආසන්නයේ මෙම ආදර්ශ මාධ්‍ය ගම්මානය ඉදිකිරීම මෙන්ම ජනාවාස ඇතිකිරීමම වැදගත් ආරම්භයක්.


මාධ්‍ය වේදීන් කියන්නේ රජයෙන් වැටුපක් නොලබන ස්වේච්චාවෙන් මැදිහත් වෙලා ඉතාම වැදගත් කාර්යක් කරන කොටසක් ඒ අයගේ නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවෙලා ඉන්නවා වගේම ඒ අයගේ සුභසාධනය වෙනුවෙන්ද රජය විශාල කැපකිරීමක් සිදු කරනවා ඒ නිසා පෙරලා මාධ්‍යෙන් ඉල්ලන්නේ පුලුවන් තරම් සත්‍ය වාර්ථාකරන්න රජය විවේචනය කරද්දි රජයටත් කියන්න දෙයක් තියනවා රජයෙනුත් ඒ ගැන අහන්න ඒකට උත්තර දෙන්න ඕනෑම වෙලාවක ලැහැස්තියි‘‘ යනුවෙන් පැවැසීය.



අදහස් (0)

ප්‍රථම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගම්මානයට වව්නියාවේදී මුල්ගල තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site