IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රතිපාදන කතාවකින් බෝපෙ ප්‍රා සභාව උණුසුම් වෙයි

සිරංගිකා ලොකුකරවිට
 
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද (10) පැවැති අතර එහි දී සභාවේ මන්ත්‍රීවරුන්ට මුදල් ප්‍රතිපාදන වෙන්කරන ආකාරය සාකච්ඡාවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

 
එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ තමන්ට නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් සභාවෙන් නොලැබෙන්නේනම් දෙපැත්ත බෙදී සභාව කරගෙන යාමට සිදුවන බවයි. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ පාලන බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන අතර එම කණ්ඩායමට මන්ත්‍රීවරු 11 දෙනකු ඇතුළත් වෙති. විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ද 11 දෙනෙකි. 
 
සභාපති දිල්රුක් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ආරම්භවිය. යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදුන් විට නැගී සිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් අබේසේකර මහතා ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන් සඳහා සභාවෙන් යම් නිශ්චිත ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර දෙන ලෙසයි. එයට පිළිතුරු ලෙස ප්‍රාදේශීය සභාවේ සභපති දිල්රුක් අබේකෝන් මහතා විසින් පැවසුවේ පෙර කිසිම දිනක මෙම සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා ප්‍රතිපාදන ලබා නොදුන් බවයි.
 
සභාවේ උප සභාපති සුමිත් ජයසේකර මහතා මෙසේ පැවසුවේය.
 
"මහින්ද අමරවීර ඇමතිවරයා කියලා තිබුණා පොදුජන පෙරමුණට බලය තිබෙන සභාවලට ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියලා. එහෙම කියලා තියෙද්දී අපි මොකටද අපිට බලය තිබෙන සභාවල විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරන්නේ? මේක කාලකන්නි ජන්ද ක්‍රමයක්. මහජන මුදල් විනාශ කරන ක්‍රමයක්.‘‘
 
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් කියාස් මහතා - ‘‘කළින් අවුරුදු වල සභාවත් ඔයාලගේ, ආණ්ඩුවත් ඔයාලගේ, දැන් සභාව ඔයාලගේ, ආණ්ඩුව අපේ, එතකොට විපක්ෂයට දුන්නෙත් නැහැ. දැන් දෙන්නෙත් නැහැ. මෙකෙ සාධාරණයක් තියෙන්න ඕන.‘‘
 
ප්‍රේමලාල් අබේසේකර මහතා - සභාපති තුමාගේ තීරණය ඒක නම් අපි දෙපැත්තට බෙදිලා විපක්ෂයේ වාඩි වෙමු. ඊට පස්සේ බලමු මේ සභාව ගෙනියන්නේ කොහොමද කියලා. මේ සභාවේ ආණුඩු පක්ෂයට මන්ත්‍රීවරු 11ක් සහ විපක්ෂයට මන්ත්‍රීවරු 11ක් ඉන්නවානේ"
 
මොහොමඩ් කියාස් මහතා - "එක අවුරුද්දකින් සභාපතිකම වෙනස් කරන්න පුළුවන්"
 
සභාපති දිල්රුක් අබේකෝන් මහතා - ‘‘මම රස්සාවත් දාලා ආවේ මේ සභාපතිකම බලාගෙන නෙවෙයි. ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කරන්න. අපි ඒවාට ප්‍රතිපාදන දෙන්නම්. නැතුව මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන වෙන් කරන්න බැහැ.‘‘



අදහස් (0)

ප්‍රතිපාදන කතාවකින් බෝපෙ ප්‍රා සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14048 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site