IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිකාර මදි යැයි වෛද්‍යවරයකුට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

(ඩබ්ලිව්. අසේල)
 
ලබාදුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් තලාතුඔය, උඩුවෙල ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසට ගොස් බැණ වැදී තර්ජනය කළ පුද්ගලයෙකු අද (24)  අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  උඩුවෙල මොනරංගල පදිංචි සම්පත් දිසානායක නමැති 33හැවිරිදි පුද්ගලයෙකි.

තමාගේ මිත්‍රයෙකුට උණ සෑදී ඇති අවස්ථාවක වෛද්‍යවරයා ලබා දුන් ප්‍රතිකාර ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම පුද්ගලයා ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වෛද්‍යවරයාගේ නිල නිවසට ගොස්  බැණ තර්ජනය කර තිබිණි.

ඔහු නිල නිවාසයේ සිටි වෛද්‍යවරයාගේ බිරිඳ, සේවිකාව හා නිල නිවාසය පටිගත කර ඇතැයිද, මෙම පුද්ගලයා රැගෙන යාමට තවත් පිරිසක් ද පැමිණ ඇතැයිද පොලිසිය කියයි.

වෛද්‍යවරයා පොලිසිය දැනුවත්කිරීමෙන් පසු තලාතුඔය පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් අද(24) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ප්‍රතිකාර මදි යැයි වෛද්‍යවරයකුට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site