IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාරක් හදන්නැයි වීරකැටියේ ගැමියෝ පාරට බසිති

(අනීෂා මානගේ)
වීරකැටිය  පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා නොදෙන බව කියමින් එයට විරෝධය දක්වා ගම්වාසීහු පිරිසක් අද  (04) බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය දකුණු මුල්කිරිගල ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් අවහිර කළ විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වූහ.

වීරකැටිය දකුණු මුල්කිරිගල පුහුල්හේන හරහා කඩවල ගම්මානය දක්වා වැටී ඇති කිලෝමීටර හතරක පමණ දිගින් යුතු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන මහතා විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් වීරකැටිය ප්‍රාදේශීය සභාවට ලබා දී ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.

එම මුදලින් පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබා නොදෙන බව ගම්වාසීහු කියති.
ගම්වාසීන් පවසනුයේ  වසර විස්සක පමණ කාලයක සිට මුල්කිරිගල පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කිසිවෙකුත් ක්‍රියා කර නොමැති බවයි. මාර්ගය ඉතා අබලන් තත්ත්වයේ පැවැතීම නිසා එහි පයින් ගමන් කිරීමද අපහසු වී ඇතැයි ඔවුහු පැවසූහ

විරෝධතාව පැවැති ස්ථානයට දකුණු පළාත් සභා අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන මහතාද පැමිණ සිටියේය. පුහුල්හේන මාර්ගයේ ගමන් කිරීම අපහසු බැවින් එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගම්වාසීන් තමාගෙන් ඉල්ලීමක් කළ බවද මේ හේතුවෙන් තම අමාත්‍යංශය හරහා දැනට දින පහළොවකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ දහයක් වෙන් කළද එයට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු කීවේය. 

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ, 

පළාත් නිශ්චිත සහ උපමාන බාධක යටතේ වීරකැටිය ප්‍රාදේශීය සභාවට මුදල් ලැබී තිබෙනවා පළාත් සභාවෙන්. ඒ මුදල් අපි යොදවන්න ඕනෑ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා අනුව ඒවායින් වඩාත් වැදගත් යෝජනාවලට ප්‍රමුඛස්ථානය ලබා දීමෙනුයි. මේ ලබා දුන්නායැයි කියන මුදලින් එක් මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්න නම් කර එවා තිබෙනවා. නමුත් ඒ විදියට සභාවට නම් කර මුදල් එවන්න බැහැ. එය නීත්‍යානූකූල නැහැ. සභාවට එවන සෑම මුදලක්ම මහ සභාවේදී මම ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුවයි අත්‍යවශ්‍ය යෝජනා අනුව ඒ මුදල් වෙන් කිරීම සිදුකරන්නේ.

 



අදහස් (0)

පාරක් හදන්නැයි වීරකැටියේ ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32243 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14718 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 73 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 347 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1272 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site