(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව කෝඹල මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී කාපට් කළ මාර්ගවල සවිකර තිබූ පසුව ඉවත් කල කැටගල් තොගය වෙනත් ප්‍රදේශයක සංවර්ධන කටයුත්තකට යෙදවීමට ඉමදුව ප්‍රාදේශීය සභාවගත් තීරණයට විරෝධය පළකිරීමක් වශයෙන් කෝඹල ප්‍රදේශය භාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී.ජී.රුවින් මන්තින්ද මහතා අද (18) ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීමේදි මේසය උඩ නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ අවස්ථාවේදි ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) අදහස් දක්වමින් එම කැටගල් වෙනත් කටයුත්තකට යොදා නොගන්නා බව පැවසීම හේතුවෙන් මෙම විරෝධතාවය අවසන්විය.
මේ අවස්ථාවේදි උප සභාපති ජේ.කේ.ඩී.ජයවික්‍රම මහතා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය සභාවේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි නුසුදුසු ක්‍රියාවන් වැලැක්වීම සඳහා මින් ඉදිරියට යම් මන්ත්‍රීවරයෙක් මෙවැනි ක්‍රියාවක යෙදුනහොත් ඔහුගේ සභාවාරයට පැමිණිම තහනම් කරන බවයි.

2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරක ගැටළුවකට ඉමදුව සභාව උණුසුම් වෙයි