IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග

(ලලිත් නවරත්න)
 පල්ලමල,  කලුකැළේ  ප්‍රදේශයේ  නිවසකදී  තියුණු  ආයුධයකින්  ඇන  බරපතල  තුවාල  සිදුකර තම පියා ඝාතනය කළ 17 හැවිරිදි  පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරනලෙස ආණමඩුව මහේස්ත්‍රාත් දුලංගිකා  ජයසිංහ මහත්මිය පොලීසියට අද(21) නියෝග කළේය.
 
 මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරනු ලැබුවේ පිහිපහරකින් බරපතල තුවාල  ලැබූ මරණකරුගේ මෘතශරීරය සම්බන්ධයෙන් හලාවත රෝහලේදී පැවති  මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුවය.
 
මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ පල්ලම කලුකැළේ පදිංචි මරණකරුගේ එකම පුත්‍රයා වන නිලෙන්ති රොහාන් ධනංජය නැමති 17 හැවිරිදි පුද්ගලයෙකුය.
 
මෙම සිද්ධියෙන් ඝාතනයට පත්ව ඇත්තේ පල්ලම කලුකැළේ පදිංචි  නිලෙන්ති ප්‍රදීප් සමන්ත සිල්වා නැමති 39 හැවිරිදි එක්දරු පියෙකි.
 
 එකම නිවසේ පදිංචිවසිටි පියපුතු අතර ඇතිවූ බහින්බස් වීමකදී තමපුත්‍රයා විසින්  මෙම පිහිඇනුම සිදුකර ඇතිබව පොලීසිය පවසයි.
 
 
මරණකරුගේ බිරිඳ ඔවුන්ව හැරගොස් ඇති අතර මෙම පියපුතු දෙපළ තනිව  ජීවත්ව ඇත.පියා ප්‍රදේශයෙන් බැහැරව රැකියාව සිදුකර සති දෙකකට වරක් නිවසට පැමිණෙන බවත් නිතර බීමතින් තමපුත්‍රයා සමග ආරවුල් ඇතිකරගෙන පහර දීම්ද සිදුකරඇති බවත් පොලිස් පරීක්ෂණ වලදි හෙළිව
ඇත.
 
 මෘතශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය හලාවත රෝහලේ අධිකරණ  වෛද්‍ය නිළධාරී රුමේෂ් අලගියවයන්න මහතා විසින් සිදුකරනු ලැබීය.
 
වෛද්‍ය පරීක්ෂණයට අනුව මෙම මරණය තියුණු ආයුධයක් උරස ප්‍රදේශයේ ඇනීම හේතුවෙන් හෘදයට ඇතිවු තුවාල හේතුවෙන් ඇතිවු මරණයක් බවට  මහේස්ත්‍රාත් වරිය තීරණය කරනු ලැබුවාය.



අදහස් (0)

පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට ගන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31626 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14039 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site