IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පැයක් ඇතුලත කිලෝමීටරයක් තුළ අනතුරු 3ක්

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)                                                
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ යකානගස්වැව ප්‍රදේශයේදී අද (02) පැයක් ඇතුලත කිලෝමීටරයක් තුළ සිදු වූ අනතුරු තුනකින් පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි.

හබරණ පොලිසියේ නිලධාරීන් රාජකාරියේ යෙදී සිටි අවස්ථාවක පැයක ඇතුලත කාලයක් තුළ කිලෝමීටරයක් ඇතුළත මෙම අනතුරු 3 සිදුවීම විශේෂත්වයකි.

යාපනයේ සිට මොණරාගල බලා ධාවනය වූ ලංගම බස් රථයක් හබරන සිට පලුගස්වැව දෙසට ධාවනය වෙමින් තිබූ සෆාරි ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ජීප් රථය පැදවූ රියැදුරු මිය ගොස් එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

ජීප් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී තිබෙන බවත් අනතුරින් ජීප් රථය ඇලකට පෙරලී තිබුණු බව පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ හබරණ කාශ්‍යපගම පදිංචි මහේෂ් ප්‍රදීප් කුමාර (26) අවිවාහක තරුණයෙකි .
එම මාර්ගයෙම  යතුරුපැදිකරුවෙකු වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල නවතා තිබූ බඩඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් බරපතළ තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයේ දඹුල්ල මූලික රෝහලට මාරු කර යවා තිබිණි. ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දඹුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (0)

පැයක් ඇතුලත කිලෝමීටරයක් තුළ අනතුරු 3ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site