(අමදෝරු අමරජීව)
සිය පෙම්වතිය සමඟ පෙම් සබඳතාවක් ගොඩනගාගැනීමට උත්සහ කළ තම මිතුරාගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයෙකු අද (16) පියා සමඟ ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණ භාර වූ බව පොලිසිය කියයි.
සැකකරු මිතුරා රවටා යතුරු පැදියක නංවාගෙන ගොස් නාවික කඳවුර ආසන්නයේදී ඝාතනය කළ බවත් වරාය පොලිසිය කියයි.
එම අවස්ථාවේ යතුරු පැදිය පදවා ඇත්තේ සැකකරුගේ මිතුරා බවද යතුරු පැදිය පෙරළී ගොස් ඇති බවත් තුවාල ලැබූ තැනැත්තා අසල ඇති නාවික කඳවුරට දිව ගිය බවත් ඝාතකයා යතුරු පැදියෙන් පලාගොස් සිය දෙමව්පියන්ට මේ බව සැලකර ඇති බවත් පසුව සැකකරු ඔහුගේ පියා විසින් වරාය පොලිසියට රැගෙනවිත් භාර දී ඇති බවත් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ත්‍රිකුණාමය උසාවිය පාරේ පදිංචි තංගතුරෙයි දනුෂ්ටන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
වරාය පොලිසියේ රාජකාරියේ නිරත භට පිරිස් තුවාලකරුව ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කරනවිටත් ඔහු මිය ගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පෙම් හබයක් දුරදිග ගොස් මිතුරාගේ ගෙල කපයි