IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පැමිණිල්ලකට විධිමත් පරීක්ෂණ ඉල්ලා මාතලේ උද්ඝෝෂණයක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

රාජකාරි කටයුත්තක නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට  විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් කළ  පහරදීමක් සම්බන්ධයෙන් මාතලේ පොලිසිය විධිමත් පරීක්ෂණයක් නොකර  පක්ෂක්ග්‍රාහීව කටයුතු කළ බව පවසමින් එම ක්‍රියාවට විරුද්ධව අද (14)  මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල  නිලධාරීහු විරෝධතාවක නිරතවූහ.

එම විරෝධතාව මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපටදී පස්වරු 01.00 සිට 02. 00 පැවැත්විණි.

පසුගිය (08) වන දින මාතලේ මැලදුම්පත ප්‍රදේශයේ  ගම්පෙරළිය වැඩසටහන යටතේ මාර්ගයක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සදහා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂකවරයා, කාර්මික නිලධාරි ඇතුළු පිරිසක් සංවර්ධනය කිරීමට නියමිත ස්ථානයට ගොස් සංවර්ධනය කටයුතු පිළිබද  සාකච්ඡා කරමින් සිට ඇත. 

එහිදී සංවර්ධයට විරෝධය දක්වමින් එම ගමෙහිම පදිංචි විශ්‍රමික පොලිස් නිලධාරියෙකු විසින් ගල් හා පොලුවලින් එම නිලධාරීන්ට පහරදීමෙන්  සැලසුම් අධ්‍යක්ෂක හා තවත් පුද්ලයෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර  තිබේ.

එම සිද්ධිය පිළිබදව මාතලේ පොලිසිය වෙත පැමිණිලි කළත් නිසි අයුරින්  නීතිය ක්‍රියාත්මක නොකර විශ්‍රාමික පොලිස් නිලධාරියාට වාසි සහගතවන අයුරින් කටයුතු කර,  විශ්‍රාමික පොලිස් නිලධාරීයාගේ පැමිණිල්ලට අනුව පහර කෑමට ලක්වුවන් අධිකරණට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇතැයි විරෝධය පළ කරන ලෙස හා අදාළ පොලිස් නිලධාරියාට නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා  ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.

 



අදහස් (0)

පැමිණිල්ලකට විධිමත් පරීක්ෂණ ඉල්ලා මාතලේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site