(නවරත්න සමරතුංග)
පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් පොතුවිල පොලිස් වසමට අයත් හැඩඔය ප‍්‍රදේශයේ අද (29) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොතුවිල හැඩඔය පාලම අසල කඩයක් පරීක්ෂාවට ලක්කිරීමේදී ඩෙටනේටර් පහක් සහ විවිධ ප‍්‍රමාණයේ සේවානූල් කැරලි තුනක්ද සමඟ ජංගම දුරකතන තුනක් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත.
කඩයේ හිමිකරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා පොතුවිල පොලීසිය බාරයට පත්කර ඇත.
එම සැකකරුවන් අද (29) පොතුවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුපුරණ ද්‍රව්‍ය සමඟ හැඩඔයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට