(ඩී.ජී. සුගතපාල)
බෝට්ටුවකින් ගොස් පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම්වු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය වෙත බාරදී තිබේ.
මෙම පුද්ගලයින් තිදෙනා ඊයේ (24) රාත්‍රී දොඩන්දූව ප්‍රදේශයේ මුහුදේදි ඩයිනමයිට් නමැති පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරක් අනුව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
සැකකරුවන් මේ වනවිට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවත් සැකකරුවන් ගොස් ඇති යාත්‍රාව ලියාපදිංචි කර නැති බවත් නාවික හමුදාව විසින් යාත්‍රාව වැටලීමත් සමග එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය මුහුදට දමා ඇති බවට අනාවරණයවි ඇති බවත් ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගේ සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂිකා සුමනා එදිරිවීර මහත්මියගේ උපදෙස් පරිදි ගාල්ල සහකාර අධ්‍යක්ෂ කේ.එල් ගාමිණි මහතාගේ අධික්ෂණය යටතේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ වැටලිම් විමර්ශණ අංශයේ ප්‍රධානි එන්.එන්.ඩී.එස්.යූ.පරණවිතාන මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට ගිය 3ක් අත්අඩංගුවට