(සිතුම් චතුරංග)
මන්නාරම, පේසාලේ, නඩුකුඩු කැළෑ ප‍්‍රදේශයක සඟවා තිබූ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පේසාලේ පොලිසිය කියයි.
ආරක්ෂක අංශ බුද්ධි නිලධාරීන් විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පවතින බවට පේසාලේ පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර කිලෝ පහක් පමණ බරින් යුත් ක්ලේමෝ බෝම්බයක්, පුපුරණ ද්‍රව්‍ය සහිත ජෙලට් නයිට් කූරු හතරක්, එම්. පී. එම්. ජී. තුවක්කු කොටසක්, ඒවාට යොදන උණ්ඩ, රොකට් ලෝන්චර් ගිනි අවියක් ඇතුළු ආරක්ෂක අංශ පළදින සපත්තු සොයාගත් බව පොලිසිය පැවසීය.
යුද සමයේ පලා යන ත‍්‍රස්තවාදීන් නැවත භාවිතයට ගැනීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය සඟවා පලාගොස් තිබූ බවයි.
හමුවූ පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි කොටස් දිරාපත් නොවන ලෙස පොලිතීන් කවර යොදා ආරක්ෂා සහිතව අසුරා තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් පසුව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිෂ්ක්‍රීය කිරීමට බාරදෙනු ලැබීය.


2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරණ ද්‍රව්‍ය තොගයක් පේසාලෙන් සොයා ගනී