IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි

(අමදෝරු අමරජීව)
 
සාම්පුර් පාවුල් තුඩුව මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ සැකකරුවන් දෙදෙනෙකු  නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.  
 
මාළු තොගය, යාත්‍රාව, එන්ජිම සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා චීනවරාය පොලිසියට භාරදී ඇත.
 
ශ්‍රි ලංකා නාවික නෞකා “මහවැලි“ කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව චීනවරාය වෙරළේ  රැක සිටි භට පිරිස් මොවුන් අත්අඩංගුවට ගත්හ.
 
සැකකරුවන් සතුව තිබී බෝල්ලා නැමැති මසුන් කිලෝග්‍රෑම් 251ක් සමඟ කිමිදුම් උපකරණ පොලිසිය බාරයට ගෙන තිබේ. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කින්නියා ප්‍රදේශයේ  පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් මාළු, යාත්‍රාව හා සැකකරුවන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය.



අදහස් (0)

පුපුරණද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32256 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14742 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 77 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 352 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1274 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site