
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
මීටියාගොඩ හා ඒ අවට පොලිස් බල ප්‍රදේශවලින් පාපැදි සොරකම් කරන අයෙකු සොරකම් කරන ලද පාපැදි 10ක් සමග අද (29 ) පස්වරුවේදි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා හික්කඩුව මලවැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
විසි හැවිරිදි මේ සැකකරු තදින්ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයකු බවද පොලීසිය කියයි.
සැකකරු මෙසේ සොරකම් කරන පාපැදි ඉතාම අඩු මිලකට අලෙවි කොට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පුරුදුව සිටි අයෙකු බවද පොලිසිය කියයි.
මීටියාගොඩ, කරන්දෙණිය, අහුන්ගල්ල, අම්බලන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලින් සැකකරු පාපැදි සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.
මීටියාගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාපැදි සොරෙකු අල්ලයි