(දයාරත්න ඇඹෝගම)
හොරොව්පතාන ලේවාසසිරිවැව ශ්‍රී බෝධිරාජරාමය විහාරස්ථානයේ සංඝාවාසයට ඇතුළු වී එහි තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මුදලක් සහ රුපියල් හත්දහසක් වටිනා ජංගම දුරකතනයක් සොරාගත් පුත්‍රයෙකු සහ ඒවා සන්තකයේ තබාගත් මවක අද (16) අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, දිගන්හල්මිල්ලෑව ලිපිනයේ පදිංචි 19 හැවිරිදි පුත්‍රයෙකු සහ 44 හැවිරිදි ඔහුගේ මවයි.
සංඝාවාසයේ උළු කැට හතරක් ඉවත් කර පන්සලට ඔහු ඇතුළු වී තිබිණි.
විහාරස්ථානයේ ඝන්ඨාර කුළුණ ඉදිකිරීම සදහා සංඝවාසයේ අල්මාරියක තබා තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මුදල් සහ රුපියල් හත්දහසක් වටිනා ජංගම දුරකතනය සොරා ගෙන ඇති බවට විහාරස්ථානයේ විහාරාධිපති කල්ලංචියේ සුගතරතන හිමියන් විසින් සිදුකල පැමිණිල්ල මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙහිදි පුත්‍රයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදි සොරාගත් මුදල් හා ජංගම දුරකතනය සිය මව භාරයේ තිබෙන බවට කළ ප්‍රකාශය මත මවද පොලිස් අත්අඩංගුවට පත්විය. සොරා ගන්නා ලද මුදලින් රුපියල් හැට හයදහසක මුදලක් සහ ජංගම දුරකතනය නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.
සැකකාර පුත්‍රයා සහ මව අද 16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්සලේ මුදල්-දුරකතනය සොරකම් කළ මව-පුතා අත්අඩංගුවට