IMG-LOGO

පන්සලේ නිධන් හෑරු හිමිනමක් ඇතුළු තුනක් අත්අඩංගුවට

(වියලුව වාර්තාකරු)

මීගහකිවුල කරඳගහමඩ ප්‍රදේශයේ  ඉපැරැණි විහාරස්ථානයක ඉඩමේ නිධානයක් හාරමින් සිටි එම විහාරයේ හිමිනමක් ඇතුලු තිදෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල කරඳගහමඩ ප්‍රදේශයේම පිහිටි ඉපැරැණි විහාරස්ථානයක වැඩ විසූ අවුරුදු 52 ක් වයසැති හිමිනමක් හා අවුරුදු 28 ක් හා 25ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි තරුණයෝ දෙදෙනෙකි.

කන්දකැටිය පොලිසිය වෙත ලද තොරතුරකට අනුව කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක , පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති එම්. එච්. ජී. අශෝක මහතා මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සිදු කළ හදිසි වැටලීමකදී සැකකරුවන් හා භාණ්ඩ අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

පන්සලේ නිධන් හෑරු හිමිනමක් ඇතුළු තුනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site