(සනත් ගමගේ)
අම්බලන්තොට හැඩවින්න ප්‍රජා ජල යෝජනා ක්‍රමයේ නල පද්ධතිය අලුත්වැඩියා කිරීම ප්‍රමාදවීම හේතුවෙන් පානීය ජලය අපිරිසිදු වීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විරෝධය පලකරමින් නෝනගම ඇඹිලිපිටිය මාර්ගය වසා හැඩවින්න ජනතාව අද (20) විරෝධතාවයක නියැලුණහ.
මෙම විරෝධතාවය හේතුවෙන් නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ රථවාහන ගමනා ගමනයට පැය දෙකක පමණ බාධා ඇති විය.
නෝනගම ඇඹිලිපිටිය මාර්ගය පුළුල් කර කාපට් කිරීම හේතුවෙන් හැඩවින්න සියත් ප්‍රජා ජලයෝජනා ක්‍රමයට අයත් නල පද්ධතියේ කොටස් මාර්ගයට යටවීම හේතුවෙන් මාර්ගය අළුත්වැඩියා කිරීමේ කටයුතු සමඟ නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරි ම සිදුකළ යතු වුවද වසර තුනක් මාර්ගය අළුත් වැඩියා කර නැතියි ඔවුහු පැවසුහ.
එම නිසා කළු පැහැති ජලය නිවෙස් වලට ලබා දෙන හෙයින් එම ජලය බීමට හැකියාවක් නැති බව පවසා ජනතාව මෙම විරෝධතාවයට එක් වී සිටියහ.
හැඩවින්න පවුල් 432 ක් පාණිය ජලය භාවිතා කරන සියත් ප්‍රජා ජල යෝජනා ක්‍රමය මගින් සපයන ජල නල මාර්ගය පිරිසිදු කිරිමට හැකියාවක් නැති හෙයින් මාර්ග සංවර්ධන අධිකාරීය දිනෙන් දින නල එළා අවසන් කිරිම සිදු නොකරන බව ජනතාව පවසති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පානීය ජලය අපිරිසිදු යැයි විරෝධතාවක්