IMG-LOGO

පින්නවල පාසලක විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

 
බලන්ගොඩ  පින්නවල  අටවක්වෙල  ශ්‍රී  රතනපාල  විදුහලේ  විදුහල්පතිනිය පාසලෙන් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයකු දෙන්නැයි ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු දෙමව්පියෝ පිරිසක් අද (17) පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ.

එම විදුහල්පතිනිය විසින් පාසලේ  සේවය  කරන  භික්ෂූන්වහන්සේට සහ  ගුරු  මණ්ඩලයට දරුවන් ඉගැන්වීම් කටයුතු කිරීමට නොදී එයට බාධා කරන බව විරෝධතාකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් අවස්ථාව  කිහිපයකදී  බලධාරින්ට  දැනුම්  දුන්න ද  විසඳුමක්  ලබා  නොදුන්  හෙයින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

පසුව එම ස්ථානයට පැමිණි බලන්ගොඩ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක  පි.ජි. ආරියපාල මහතා   විරෝධතාවයේ   නිරත වූ   ස්වාමින්වහන්සේලා  සහ   මව්පියන්  සමඟ   සාකච්ඡා  කළේය. 

එම විදුහල්පතිනියට  දිනයක්  ඇතුළත  වෙනත්  ස්ථානයකට  ස්ථාන මාරුවක්  ලබා දි  මෙම පාසලට  ඉතා කෙටි  කාලයක දී සුදුසු  විදුහල්පතිවරයෙකු  ලබා දිමට කටයුතු  කරන  බව   විරෝධතාවයේ නිරත පිරිසට පොරොන්දු විය.



අදහස් (0)

පින්නවල පාසලක විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site