IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පන්නලින් ඇමෝනියා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                  

පන්නල බම්මන්න ප‍්‍රදේශයේ දී යුද හමුදාව හා පොලිසිය විසින් සොයා ගත් ඇමෝනියා තොගයේ හිමිකරු බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය අද (24) නියම කළාය.

එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පන්නල යක්විල ප‍්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජුනයින් මොහොමඩ් රිස්වි නැමැත්තෙකි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු කියමින් පෙන්වා දුන්නේ සැකකරු මීට මාස කිහිපයකට ඉහත දී අදාළ සැක සහිත මලු තොගය තිබූ ඉඩම විකුණා ඇති බවත් එම ඉඩමේ නව ගැණුම්කරු සිටියදී මුල් හිමිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබීම අසාධාරණ බවත් ය.

පොලිසිය අදාළ කරුණු බැහැර කරමින් කියාසිටියේ සැකකරු සම්බන්ධව මේ වනවිටත් විමර්ශනය සිදුකරමින් පවතිනබවත් එවන් දේපල ගනුදෙනුවක් සම්බන්ධව පොලිසියේ දැනුවත් භාවයක් නොමැති බවත්ය. මෙන්ම යුද හමුදාව හා පොලිසිය එක්ව කළ මෙම වැටලීමේදී අදාළ ඇමෝනියා තොගය සොයා ගෙන තිබූ බවද පොලිසිය කරුණු ඉදිරිපත් කළේය.

ඊට පිළිතුරු දුන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නැවත පෙන්වා දුන්නේ පොලිසිය රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ඉල්ලා සිටින්නේ මෙම සිදුවීම හා කිසිසේත් සම්බන්ධයක් නොමැති සැකකරුවෙක් බවත් අදාළ ගබඩාව හිමි ඉඩමේ නියම සැකකරු ද අධිකරණයේ ද පෙනී සිටින බවත් ය.

කරුණු පිළිබඳ අවධානය යොමු කළ මහේස්ත‍්‍රාත්වරිය එළැඹෙන නඩු වාරයේදී සැකකරු පිළිබඳ හා ඉදිරිපත්වූ කරුණු පිළිබඳ සොයා බලා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරමින් සැකකරු වෙනුවෙන් කළ ඇප අයැදුම ඉවත දමා මේ මස 30 දක්වා රක්‍ෂිත බන්ධානාගාරගත කළේය.

 



අදහස් (0)

පන්නලින් ඇමෝනියා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site