ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ බෑග් හා ලිපි කවර නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක සිව් මහල් ගොඩනැගිල්ලක අද (18) අලුයම ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
එහි ගබඩා කර තිබූ නිමි ලිපි කවර හා බෑග් තොගයක් සමඟ වාහන තුනක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.
අවුරුදු නිවාඩුව හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දමා තිබූ නිසා කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගින්න හටගෙන ඇති අතර පසුව ක්‍රමයෙන් ඉහළ මහළ දක්වා පැතිරී ගොස් ඇත.
කෝට්ටේ සහ දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවලට අයත් ගිනි නිවන රථ 2 ක්, ජල බවුසර 3 ක් සමඟ සේවකයින් 23 ක් පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩපවත්වා ඇති බව සඳහන් කරයි.



2025 දෙසැම්බර් මස 18
67
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්නිපිටියේ නිෂ්පාදන කම්හලක ගින්නක්