(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර වෙරළ උද්‍යානය ආසන්නයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ පුද්ගල මළ සිරුරක් අද(13) හමු වූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මුහුදු වෙරළට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට පොලිස් හදිසි දුරකථන ඇමතුමට ලද පණිවුඩයක් අනුව එය සොයා ගෙන ඇත.
අවුරුදු 60-67ත් අතර වයසක පසුවන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් බවද, සරමකින් සහ අත්කොට කමිසයකින් සැරසී සිටි බවද පොලිසිය කියයි.
මෙම තැනැත්තා ඊයේ(12) දවස පුරා මුහුදු වෙරළ ආසන්නයේ සිටිමින් පොල් රා පානය කරමින් සිටි බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
මළ සිරුර කවරකුගේදැයි හඳුනාගන්නා තෙක් පානදුර මූලික රෝහලේ තැන්පත් කළ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර වෙරළේ මළ සිරුරක්