(රේඛා තරංගනී ෆොන්සේකා )
පානදුර පරණ ගාලු පාරේ මීටර් 500ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත් ඒ සඳහා ඉදිකළ කාණු පද්ධතියේ තැන තැන ජලය එකතු වී මදුරු කීටයන් ඇතිවීම හේතුවෙන් ප්‍රදේශය පුරා ඩෙංගු පැතිර යාමේ අවදානමක් ඇති බවත් ප්රදේශවාසිහු කියති.
2014 වර්ෂයේ රුපියල් 1,615,810,000.00 ක ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.
‘මේ පළාතේ හැම ගෙදරකම ඩෙංගු ලෙඩෙක් ඉන්නවා. වැහි ජලය බස්සන්න හදපු කානු පද්ධතියේ මදුරු කීටයෝ පොකුරු පොකුරු සිටිනවා. පී එච් අයි මහත්තුරු කියන්නේ ඒ ඩෙංගු කීටයෝ නෙවෙයිලු. බරවා මදුරු කීටයොලු. මම අහන්නේ මේ ඉන්නේ බරවා කීටයෝ නම් ඩෙංගු රෝගීන් මේ තරම් මේ ගෙවල් වල ඇති වුනේ කොහොමද අනික බරවා කියන්නේ මනුස්සයින්ට හිතකර මදුරු කීටයෙක්ද ? මේ විදිහට කාට වුනත් අපේ දරුවන්ගේ ජීවිත අවදානමකට දාන්න පුළුවන්ද ? පහුගිය සතියෙත් මෙහෙණින් වහන්සේ කෙනෙක් අපවත් වුණා. පළාතෙන් බාගයක් කළුබෝවිල හා පානදුර රෝහල් වල ප්‍රතිකාර ලබනවා‘‘ යැයි ගම්වැසියෝ කියති.
‘‘ මෙම ව්‍යාපෘති සැලැස්මේ වතුර බැස යන කල්වට් විසි හතරක් තියෙනවා. නමුත් මේ ප්‍රදේශවාසින් කියන කල්වට් එක එතැනට ආසන්න ඉඩම් හිමියා විසින් පටු කරලා මේ පිළිබඳව ප්‍රාදේශිය ලේකම්ට ලිඛිතව දැනුම් දුන්නා. ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන්ම කියන්න බෑ. ව්‍යාපෘති සැලැස්මට අනුව විවිධ මට්ටමේ කානු තියෙනවා. තවම ව්‍යාපෘතිය අපට භාර දුන්නේ නෑ‘‘ යයි මාර්ග සංවර්ධන අධිකාරියේ පානදුර පරණ ගාලු පාර සංවර්ධන ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරු ධනංජය ප්‍රේමරත්න මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පානදුර පරණ ගාලු පාරේ ඩෙංගු තොටිලි