IMG-LOGO

පෝදා අරක්කු - කසිප්පු අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට

(සමන් පාලිත නානායක්කාර)

දුරුතු පොහෝ දා බලපත්‍ර රහිතව රජයේ අරක්කු අලෙවි කළ පුද්ගලයකු සහ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිසිය කියයි.

බණ්ඩාරවෙල ඇල්ල තොට ගරාජයක් තුළ අරක්කු තබාගෙන සිටි පුද්ගලයකු අරක්කු බෝතල් 24 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොහෝ දා මත්පැන් අලෙවි සැල් වසා තැබීම හේතුවෙන් වැඩි මිලට විකිණීම සඳහා මෙම මත්පැන් තොගය ගබඩා කරගෙන තිබේ.

බණ්ඩාරවෙල ජලාශ කන්දේ නිවසක නීතිවිරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අදාල භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 

එහිදී නීති විරෝධී කසිප්පු බෝතල් 10 ක් සහ බැරල් , දඟර සහ ගැළුම් ඇතුළු පෙරන උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

 



අදහස් (1)

පෝදා අරක්කු - කසිප්පු අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට

lalithm Saturday, 11 January 2020 06:48 AM

පෝයට විතරක් අරක්කු මත්පැන් තහනම් කිරීම මහා මෝඩ ක්‍රියාවක්. බොන්න ඕනේ කෙනා ඊට කලින් ඕව තියාගන්නා නේද? මේ විකාර නැවත නැවත කිරීම නවතා දමල පෝයත් සාමාන්‍ය විදියට යන්න දුන්නනම් කරදර මොකුත් නැහැ. ඕනනම් සංඝයා වහන්සේලා ටිකක් සද්දේ දමයි. අපි සංචාරක කර්මාන්තෙ ගැන හිතුවොත් ඔය තහනම සැහෙන ප්‍රශ්නයක්. මොනදේ කරන්නත් රටේ ආදායම ඉහල නංවන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site