(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයකු ඝාතනය කළ සැකකරු ඔක්තෝබර් මස (03) වැනිදා දක්වා රිමාන්ඩ් ගතකරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (25) නියෝග කළේය.
බලන්ගොඩ මාවෙල ග්‍රාම සේවා වසමේ පදිංචි ටී.ඩී.පොඩිනේරිස් නැමැති ( 60 ) සැකකරුවෙකු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණි.
ඊයේ (24) මාවෙල ග්‍රාමසේවා වසමේ අබේහින්න ගම ප්‍රදේශයේ දි තියුණු ආයුධයකින් කපාකොටා ඇල්ල හතනලාගේ ගුණරත්න නැමැති (54) හැවිරිදි තිදරු පියෙකු සැකකරු ඝාතන කර තිබුණි.
එම සිද්ධියට අදාළව මෙම සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඔක්තෝබර් මස (03) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුද්ගල ඝාතනයක සැකකරු රිමාන්ඩ්