(අනීෂා මානගේ)
වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා ඝාතනය සැලසුම් කර ඒ සදහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු මෙම මස 17 දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද(03) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්වූයේ වගසිංහ කංකානම්ගේ අජිත් ප්‍රසන්න(41) නොහොත් පොළ බේබි නම් තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා නිමල් සමරවික්‍රම දහනායක(49) නොහොත් දහනායක රනා නම් රන්න විගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීම චෝදනා යටතේ නිමල් සමරවික්‍රම දහනායක යන තැනැත්තාද ඝාතනය සැලසුම් කර ඒ සදහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ වගසිංහ කංකානම්ගේ අජිත් ප්‍රසන්න නම් තැනැත්තාද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී ඉකුත්දා(23) වාහන සේදුම් ස්ථානයකදී එම සේවා ස්ථානයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මෙම සැකකරුවන් දෙදෙනා තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී ඊයේ (02) තංගල්ල කොට්ඨාශ අපරාධ අංශයේ හා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගල ඝාතනයකට අනුබල දුන් අයෙක් 17 දක්වා රිමාන්ඩ්