IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළැයි අයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
දින 11ක් තුළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළ පුද්ගලයකු අද(04) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 2ක් රදවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට වැඩ බලන මහේස්ත්‍රාත් විදුර මංචනායක මහතා පොලිසියට අවසර ලබාදුන්නේය.
 
මෙසේ රඳවා තබාගැනීමේ නියෝගය ලැබුවේ හෝමාගම පදිංචි සඳුන් සමීර සේනානායක නමැති 25 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු දින කිහිපයක් නවාතැන් ගෙන සිටි නිවසේ හිමිකාරිය වන අවිවාහක ගුරුවරියට සහ මෙහෙකාරියට පිහියෙන් ඇණ ඝාතනය කිරීමට උත්සාහ කිරීමේදී එම ගුරුවරිය බරපතල තුවාල සහිතව නිවසින් පිටතට දිව ඇවිත් අසල්වාසීන්ගේ ආධාර ඉල්ලා කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.
 
සැකකරු දිව ගොස් ගසකට නැග සිටියදී පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා අල්ලාගෙන ඇති බවද පසුව අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිසිය පවසයි.




අදහස් (0)

පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළැයි අයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site