IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුද්ගලයකු මරා දැමී යැයි වසර 8 ක සිරදඬුවම්

( තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ)
 
පුද්ගලයකුට පහර දී මරා දමන ලදැයි කියන චෝදනාවට වරදකරුවන් කරමින් මහනුවර පදිංචිකරුවන් 10 දෙනෙකුට නියම කර තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔවුන් අනියම් මිනීමැරීමට වරදකරුවන් කරමින් වසර 8 බැගින් වූ සිරදඬුවම් නියම කළේය.

මෙම නියම කළ සිරදඬුවම් මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින බලපැවැත්වෙන බව ද අධිකරණය නියම කළේය.

මෙසේ නියෝග කරනු ලැබුවේ ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

මෙසේ මරණ දඬුවමින් නිදහස් වූයේ මහනුවර පදිංචි ආර්.එම්. තිස්ස බණ්ඩාර , ආර්.එම්.විජේබණ්ඩාර , සින්නයියා ක‍්‍රිෂ්ණ කුමාර් , නාගලිංගම් පුන්‍යමූර්ති , ලෙච්චමී විජේකාන්ති ඇතුළු 10 දෙනෙකි.

2004 අපේ‍්‍රල් 08 වැනිදා පුද්ගලයකුට පහරදී මරා දමන ලදැයි චෝදනා කරමින් විත්තිකාර අභියාචකයින් ඇතුළු 14 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් මහනුවර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනු ලැබූහ.

මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු එම විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කර නිදහස් කළ අතර තවත් විත්තිකරුවෙක් නඩු විභාගය අතරතුර දී මිය ගියේය.

ඉතිරි වූ විත්තිකරුවන් සියළු දෙනා හට 2014 වසරේ දී අධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරිණි.

මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචකයින් ඊට එරෙහිව මෙම ඇපෑල අභියාචනධිකරණයට ඉදිරිපත් කෙරිණි.

විත්තිකාර අභියාචකයින් වෙනුවෙන් එස්.බුලත්සිංහල , නෙරංජන් ජයසිංහ , උපුල් කුමරප්පෙරුම , ආචාර්ය රංජිට් ප‍්‍රනාන්දු , ජනාධිපති නීතීඥ සාලිය පීරිස්  යන නීතීඥවරුන්  පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

පුද්ගලයකු මරා දැමී යැයි වසර 8 ක සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site