IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුද්ගලයකු කපාකොටා ඝාතනය කරයි

(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)

බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ තේ කඩයක් අසලදි ත්‍රිරෝද රථ රියදුරකු  අද (07) උදෑසන කපාකොටා ඝාතනය කොට ඇති බැව් බද්දේගම පොලිසිය පවසයි.

පැරණි කෝන්තරයක් නිසා මෙකී ඝාතනය වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.  අද උදෑසන කිරිබතාවිල තේ කඩයක දෙදෙනෙකු විසින් උදෑසන  ආහාර ගනිමින් සිට තිබේ. එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරා වෙළඳසැළේ ඉදිරිපස සිට මොවුන් දෙදෙනා සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ. පසුව වෙළඳසැළේ සිටි දෙදෙනා මේ ගැන තම පවුලේ අයට දැනුම් දී ඇත.

 ඉන්පසු  තිදෙනෙකු පැමිණ ත්‍රිරෝද රථ රියදුරුට මන්නා පිහිවලින් පහරදී ඝාතනය කරඇති බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථරියදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්  ඇත.  ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියැදුරුට මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද පොලිසිය පවසයි.

මෙකී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටිනබව පොලිසිය පවසයි. බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පුද්ගලයකු කපාකොටා ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site