IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයෙකුට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර නගරයේ යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට පහර දුන්නේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් අද(16)දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
 
අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ අනුරාධපුර පදිංචි ලියනආරච්චි උපාලි නැමැති පොලිස් සැරයන්වරයාගේ මෙසේ වැඩ තහනම් කර තිබේ.
 
පසුගිය 14 වැනි දින මෙම පොලිස් සැරයන්වරයා අනුරාධපුර නගරයේදි යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකුට පහරදුන් බවට චෝදනා ලබා සිටි අතර, පහරකෑමට ලක්වූ පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.
 
තමන් යතුරුපැදියෙන් අනුරාධපුර නගරයේ යමින් සිටියදි ඉදිරිපසින් ගමන්ගත් පොලිස් සැරයන්වරයාගේ යතුරු පැදියේ ගැටුණු බවට චෝදනා කර තමන්ට පහරදුන් බව එම තැනැත්තා අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබුණි.
 
ඒ අනුව මෙම පොලිස් සැරයන්වරයා ඊයේ(15) අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.
 
අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි(01) වයි.එම්.ජි.ඩබ්.එස්.කේ.ගොඩකුඹුර මහතා කළ මූලික පරීක්ෂණයෙන් පසුව මෙම සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ. 
 
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පුද්ගලයෙකුට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site