(කාංචන කුමාර ආරියදාස)
කඩු, පොලු වලින් පුද්ගලයෙකුට බරපතළ ලෙස පහර දී තුවාල කළ සිදු කළ බවට සැක පිට පොලිස් සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ ගුරුවරයකු වන එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු අද (24) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලිසිය කියයි.
විල්ගමුව පොලිස් බල ප්‍රදේශයේ හඳුන්ගමුව එකේ ඇළ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත පොලිසියේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත ඉලන්ගන්සේකර මහතා පැවසීය.
මෙම තුන් සහෝදරයන්ගෙන් පහරකෑමට ලක්වූ හදුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වූ බරපතළ තත්ත්වය නිසා වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට මහියංගනය රෝහලට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය.
පහරදීමට එක් වූ බව කියන උප පොලිස් පරික්ෂකවරයා බණ්ඩාරගම පොලීසියට අනියුක්තව සේවය කරන බවත් පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අයෙකු බවත් ඔවුන්ගේ සහෝදරයා පොරමඬල ප්‍රදේශයේ විදුහලක සේවය කරන බව විල්ගමුව පොලිසිය කියයි .
මෙම පුද්ගලයන් පහරදීම සඳහා යොදාගත් පොලු කැබලි දෙකක් සොයා ගත් අතර කැපීම් තුවාල සිදුකළ කඩුව සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
කාලයක පටන් මෙම දෙපිරිස අතර තිබුණු ආරවුලක් මෙම ගැටුමට හේතු වී තිබෙන බවත් තුවාල ලබා මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ ත්‍රිරෝද රථයකින් හඳුන්ගමුව ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට පත්ව සිටින සහෝදරවරු තිදෙනා මග රැක මෙම පුද්ගලයාට පහර දී ඇතැයි පොලිස් පරීක්ෂණවල දී හෙළි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා පොලිස් කොස්තාපල්වරයා සහ ගුරුවරයා අද (24) නාඋල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පාලිත ඉලන්ගන්සේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුද්ගලයකුට පහරදුන් උප පොලිස් පරීක්ෂක, කොස්තාපල්-ගුරුවරයෙක් අත්අඩංගුවට