IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුගේ මනුසත්කම

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පෞද්ගලික බස් රථයක අමතකව දමා ගිය රුපියල්  70,000 ක මුදලක් සහිත මුදල් පසුම්බියක් එහි හිමිකාරිය  සොයා භාරදීමට පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු අද( 6) කටයුතු  කළේය. 

හෝමාගම සිට පිටකොටුව දක්වා ධාවනය වූ මාර්ග අංක 138 wp nc 3596 බස් රථයට  ඊයේ  රාත්‍රී වැල්ලවත්ත  ඩබ්ලිව් ඒ ද සිල්වා මාවතේ පදිංචි සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ සහකාර තනතුරු දරන ඩී  නදීකා මහත්මිය මහරගමින් බස් රථයට ගොඩ වී ඇත්තේ අමතර පන්තියට සහභාගි වූ සිය දියණියත් රැගෙනය .

රෑ බෝ වූ බැවින් දියණිය ඇයගේ  ඔඩොක්කුවේ නින්දට ගොස් ඇති අතර කිරුළපන ප්‍රදේශයේ  දී ඇය බස් රථයෙන් බැස ත්‍රීරෝද රථයකින් යාමට අවශ්‍ය රුපියල්  80ක මුදලක් අතට ගෙන ඇත.

බස් රථය පිටකොටුව ගමනාන්තයට ළඟා වීමෙන් අනතුරුව එහි  කොන්දොස්තරවරයා බස් රථයේ පිටුපස සිට ඉදිරිපසට පැමිණෙමින් සිටියදී අසුන මත තිබූ මුදල් පසුම්බිය දැක එය විවෘත කර බැලීමේදී රුපියල් 70,000 ක මුදලක් , බැංකු කාඩ්පත් ,ඇතුළු වටිනා ලිපි ලේඛන  රැසක් තිබෙන බව රියැදුරු මහතා ට දැනුම් දී ඇත .

පසුව එම  රියදුරු සහ කොන්දොස්තරවරයා මේ බව හෝමාගම පොලිසියට පැමිණ  පැවසීමෙන්  අනතුරුව එහි තිබූ දුරකථන අංකයකට කතා කර  එහි  අයිතිකාරිය වන  නදීකා  මහත්මිය   පොලිස් ස්ථානය වෙත ගෙන්වා  කොන්දොස්තර වන සමන්ත දේශප්‍රිය මහතාගේ සුරතින් මා එය භාර දීමට කටයුතු කළ බව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතා පැවසීය                  

ඇත්තටම මම මුදල් පසුම්බිය නැති වී ඇති බව දැනගත්තේ පසුදා උදේ .එම මුදල් තිබුණේ ඉඩමට ලබාගත් ණය මුදලට වාරික ගෙවීමට හා නිවසේ කුලී මුදල් ගෙවීමටයි .මම හිතුවේ නෑ මට මේ   මුදල් ආයෙ හම්බ වෙයි කියලා .සමන්ත දේශප්‍රිය කොන්දොස්තර මහතාගේ මේ උතුම් ගුණාංගය අගය කරනවායැයි   මුදල් පසුම්බිය හිමිකාරිය වූ නදිකා මහත්මිය පැවසුවාය .

මුදල් පසුම්බිය දැක්ක ගමන් මට  හිතුණා. මම මේකෙ අයිතිකරු හොයල කොහොමහරි දෙනවා කියලා . ඒ දේ ඉෂ්ට වුණා .මුදල් පසුම්බිය මම ඒ  නෝනගේ අතට දුන්නාම එ නෝනගේ හිතේ ඇතිවුණ සතුට මට  හදවතට දැනුනා .ඒ සතුට මගේ  හිතේ තියනවා මැරෙන තුරාවටම යයි බස් කොන්දොස්තරවරයා වූ සමන්ත දේශප්‍රිය මහතා පැවසීය .

 



අදහස් (1)

පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුගේ මනුසත්කම

කුමාර ඩුබායි Sunday, 06 September 2020 06:33 PM

සමන්ත ඔබට වඩා ගෞරවය හිමිවන්නේ ඔබ වැනි යහපත් දරුවෙක් මෙලොවට දායාද කරපු දෙමව්පියන්ටයි ..... ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණින් ජය සතුට උදාවේවා ...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site