IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාදුක්ක රෝහල් සේවකයින්ට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි)
 
රෝගීයකු රැගෙන පාදුක්ක දිසා රෝහලට පැමිණි පුද්ගලයින් පිරිසක් එහි රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයින් දෙදෙනකුට පහරදී රෝහලේ තබා තිබූ පුටු රැසකට දැඩි අලාභ හානි කිරීමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.


උදරයේ අමාරුවකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා පුද්ගලයකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර තිබේ. එම අවස්ථාවේදී රෝගීයා සමඟ පැමිණි පිරිසට පාවහන් ගලවා හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළු වන ලෙස රෝහලේ සේවකයකු පවසා තිබේ. 


ඒ සමඟම පැමිණ සිටි පිරිස එම අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයින්ට බැණ වැදී රෝහල් සේවකයින් දෙදෙනකුට පහරදී පුටු කිහිපයක් පොළවේ ගසමින් කාර්යභාර වෛද්‍යවරියට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පලා ගිය බවට පාදුක්ක රෝහල මගින් පාදුක්ක පොලිසිය පැමිණිල්ලක් සිදුකර තිබූ බවද පොලිසිය පවසයි.


ඒ අනුව පාදුක්ක රෝහලට පැමිණි පොලිස් නිළධාරීන් රෝගීයා ඇතුළත් කිරීමට ලබා දුන් ලිපිනය ඔස්සේ ගොස් ලිපිනයේ සඳහන් නිවසේ සිටි අදාළ සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ කාර්යභාර වෛද්‍යවරිය හමුවට පමුණන ලද බවත් එහිදී මෙම සැකකරුවන් දෙදෙනාගෙන්ම මත්පැන් ගඳ වහනය වන බවටත් දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවටත් වෛද්‍යවරිය විසින් වාර්තාවක් ලබා දුන් බව පොලිසිය පවසයි.


පහර කෑමට ලක් වූ රෝහල් සේවකයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හෝමාගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 ත් 22 ත් වයසේ පසුවන වටරැක ගාලබැදිහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 



අදහස් (0)

පාදුක්ක රෝහල් සේවකයින්ට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site