IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාදුක්ක රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක

(කේ බුද්ධික කුමාරසිරි)

පාදුක්ක රෝහලේ කාර්ය මණ්ඩලය අද (31) උදෑසන සිට රාජකාරී වලින් ඉවත් වී විරෝධතාවක නිරත වුහ.

රිය අනතුරකින් මියගිය තරුණයකුගේ සිරුර බැලීමට පාදුක්ක රෝහලට පැමිණි පුද්ගලයකු රෝහල් මුරකරුවකුට පහරදිම හේතුවෙන් එයට විරෝධය පාමින් සැකකරු අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පෙරේදා (30) රාති‍්‍ර සිදු වූ අනතුරකින් ති‍්‍ර රෝද රථය පැද වූ තරුණයකු එම ස්ථානයේම මිය ගොස් ඇති තිබේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව දේහය පාදුක්ක ප‍්‍රාදේශීය රෝහලට රැගෙන ආ බවත් එම අවස්ථාවේදී පාදුක්ක රෝහලට විශාල ජනතාවක් පැමිණ ඇති අතර ඒ සියළු දෙනාට දේහය පෙන්වා රාති‍්‍ර 9ට පමණ දේහය රෝහලේ මෘත ශරීරාගාරයට ඇතුළත් කර ඇති බවද විරෝධයේ නිරත පිරිස පවසති.

එලෙස රාති‍්‍ර මෘත ශරීරාගාරයට දේහය ඇතුළත් කළ පසු පැමිණ පහරදීමට සම්බන්ධ සැකකරු තමන්ට දේහය බැලිමට අවශ්‍ය බව පවසා ඇති මුත් පහරකැමට ලක් වූ මුරකරු පවසා ඇත්තේ මෘත ශරීරාගාරයට දේහයක් ඇතුළත් කළ පසු තමන්ට එය යළි විවෘත කර පෙන්වීමට නොහැකි බැවින් ප‍්‍රධාන වෛද්‍යවරයා හමු වී අවසර ලබා ගෙන පැමිණන ලෙස පුද්ගලයාට දැනුම් දී තිබේ.

එහෙත් එයින් උරණ වූ සැකකරු තම රෝහලේ සහෝදර සේවකයාට යතුරුපැදි හිස් ආවරණයකින් පහරදි ඇති බවත් පහරකෑමට ලක් වූ සේවකයා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

පාදුක්ක රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවයක

almeida Sunday, 02 February 2020 05:24 PM

මම නොදන්නා පාදුක්ක රෝහල.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site