IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පුතු සමඟ යතුරුපැදියේ ගිය මව අනතුරකින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරන්තුඩුව, ඉපිලිස්ස පාලම අසළදී පුතු සමග යතුරුපැදියෙන් ගමන් ගත් මවක අද(01) ටිපර් රථයකට යටවී මිය ගිය බව මොරන්තුඩුව පොලිසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ ගෝනදූව පදිංචිව සිටි හේවාතන්ත්‍රිගේ පද්මා චන්ද්‍රිකා නමැති 53 හැවිරිදි දෙදරු මවකි.
 
එම කාන්තාව තම පුතු සමග බණ්ඩාරගම කළුතර මාර්ගයේ මොරන්තුඩුව දෙසට පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයේ වම්පස පිටුපස රෝදයට යටවී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
 
අනතුරින් බරපතල තුවාල ලද කාන්තාව තමාව රෝහල් ගතකරන ලෙද පවසා ඇතත්, එම ස්ථානයෙන් ගමන්ගත් වාහනවල රියදුරන් කිසිවෙකු ඉදිරිපත් නොවී ඇති අතර, පසුව සුවසැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර තිබේ. එහිදී ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
යතුරුපැදිය පැදවූ 18 හැවිරිදි පුතු රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්වය බරපතල නොවන බව පානදුර මූලික රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඔහු සිය පියාට අයත් යතුරුපැදිය පදවා ඇති බවද ඔහුට රිය බලපත්‍රයක් නොමැති බවද අනාවරණය වී තිබේ.
 
ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පුතු සමඟ යතුරුපැදියේ ගිය මව අනතුරකින් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site