IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ ගිනි අවියක් කටුනායකදී අත්අඩංගුවට

(කේ.ජී.කපිල )

                    මිනුවන්ගොඩ -  හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි නායකයෙකු සතුව පැවති " බ්‍රවුනින් " වර්ගයේ පිස්තෝලයක් , මැගසින් එකක් සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03 ක් සමඟ ඒවා ලග තබාගෙන සිටි එම ප්‍රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයෙකු ද අද (3) රාත්‍රී කටුනායක පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.

         වෙඩි තැබීමකින් මිය ගොස් සිටින ෆ්‍රෙඩී නැමති පාතාල කල්ලි නායකයෙකු සතුව මෙම ගිනි අවිය සහ උණ්ඩ තිබී ඇති බව කටුනායක පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .

             කටුනායක පොලිසිය වෙත ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත මෙම විශේෂ මෙහෙයුම කටුනායක පොලිසිය විසින් සිදු කර තිබූ අතර එහිදී මෙම ගිනි අවිය සහ උණ්ඩ ළග තබාගෙන සිටි 32 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයා අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

           මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පාතාල කල්ලි සාමාජිකයා සමඟ ගිනි අවිය සහ උණ්ඩ හෙට (4) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

                



අදහස් (0)

පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ ගිනි අවියක් කටුනායකදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site