IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

 හෙරොයින් සහ ජීව උණ්ඩ  සමඟ  බොරැල්ල පුවලිංගම් පෙදෙසේදී   පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් ජාවාරමක නියැලෙන බව  පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක් මත බොරැල්ලේ පුවලිංගම් පෙදෙසේ  පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට  හැකි වී තිබේ.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී  සැකකරුව සතුව  හෙරොයින් තිබී ඇති අතර  ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී   මිලිමීටර් 9 වර්ගයේ ජීව  උණ්ඩ  51 ක්   සොයා ගැනීමට   හැකිව  ඇත.


සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් ඔහු  මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායකයාගේ  සහ  දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ ගෝලයකු වන ‘චිටි‘ නැමැත්තාගේ  සමඟ සමීප සබඳතා පත්වන්නෙකු බවට තොරතුරු අනාවරණය වු බවද  විශේෂ කාර්ය බලකාය පවසයි.


වැඩිදුර   විමර්ශන සඳහා   සැකකරු  කොටුව සංවිධානාත්මක  අපරාධ  නිවාරණ  අංශයට  බාර දී ඇති බවද විශේෂ කාර්ය බලකාය  සඳහන් කළේය. 

(36698)



අදහස් (0)

පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site